සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතුවෙන් ක්‍රීඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (27දා) නඩු පැවරුවේය.
මෙම සිද්ධියට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස ගබඩා පාලකවරයා ලෙස කටයුතු කළ අජිත් නිශාන්ත නමැත්තාට එරෙහිවද අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.