අපේ ජනබල පක්ෂය සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් පවතින බවත් එත් සමඟම තමන් වහන්සේ සැඟවි සිට අතරුදහන් විමක් සිදුවි ඇති බවට මේ දිනවල මාධ්‍ය තුළ පුවත් පළ වන බවත් එය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
තම පක්ෂය වෙනුවෙන් ලැබි ඇති මන්ත්‍රීධුරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරිමට බවත් තමන්ට මන්ත්‍රී ධුරය ඇතත් නැතත් ඒ සඳහා අවශ්‍ය නායකත්වය තමන් ලබා දි ඒ වෙනුවෙන් මුළු මනින්ම කැප වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
අද (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අප භාවිතා කළ යුත්තේ සමාජය තුළ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ගොඩනැගිමට නිසා තමන් පක්ෂය තුළ යම් යම් මතභේද පැවතුනත් එය මහ ප්‍රබල විසඳා ගැනිමට නොහැකි ප්‍රශ්න නොවන බවත් මාධ්‍ය මගින් ඒවා විශාල කර අනවශ්‍ය ප්‍රශ්න මතුකිරිමට උත්සාහ ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
ඉදිරි කාලයේදි නීතියේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන බවත් සමාකාමිව සාකච්ජා කරමින් සාධාරණ විසදුමකට එළැඹෙන බවත් කි උන්වහන්සේ ජන්දය දුන් ජනතාවට මේ සම්බන්ධව කනගාටුවට පත් නොවන ලෙසත් ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් ඇප කැපවි මන්ත්‍රී ධුරයක් ඇතත් නැතත් ඒ අන්දමින් කටයුතු කරන බවත් රතන හිමියෝ පැවසුහ.
ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් ඉටු කිරිමට අවශ්‍ය දැක්ම හා වැඩපිළිවෙල තමන් සතුව ඇති බැවින් මන්ත්‍රී ධුරය ඇතත් නැතත් එය ඉටු කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.