ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්රදේශයේදි ඉකුත් 7 දින තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියට අදාළ පා.ම එස්.බි දිසානායක මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා මේ මස 25 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර කිරිමට අද (11දා) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් ජෙ.ස්ට්රොස්කි මහතා අද (11දා) නියෝග කළේය. එම සැකකරුවන් දෙදෙනා අද හඳුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරනු ලැබීය.