කොළඹ සිට චීනයේ කැන්ටන් (ගුඅන්ග්සෝ) වෙත අද (16දා) පියාසර කිරීමට තිබූ යූ.එල්.880 ශ්‍රී ලංකන් ගුවන් යානය චීනය වෙත බලපා ඇති මැන්ග්ඛුට් සුළි කුණාටුව හේතුවෙන් පැය 11ක ප්‍රමාදයක් සිදුවන බව එම ගුවන් සමාගම නිවේදනය කරයි.
ඒ අනුව, මෙම යානය හෙට (17දා) ප.ව. 1.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්වීමට නියමිතව ඇති බව පවසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසන්නේ, යම් ලෙසකින් ගුඅන්ග්සෝ කාලගුණයේ අයහපත් තත්ත්වයක් ඇති වුවහොත් මෙම යානය තවදුරටත් පමා විය හැකි බවයි.
කෙසේ වෙතත්, නොවැළැක්විය හැකි මෙම තත්ත්වය හමුවේ සිය වටිනා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා පිළිබඳව කනගාටු වන බව පවසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, වැඩිදුර තොරතුරු සඳහා 1979 අංකය අමතන ලෙස හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන ලෙස කියයි.