මනෝගේ පක්ෂයටත් ආණ්ඩුවෙන් ආරාධනා
දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක් වන්නැයි ආරාධනා ලැබී ඇති බවත් නමුත් නිවැරදි තීරණ ගන්නැයි තමන් ඔවුන්ට සන්ධාන නායකයා වශයෙන් උපදෙස් ලබාදුන් බවත් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හා දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ සාමාජිකයින්ට ආණ්ඩුවෙන් ලැබී ඇති ආරාධනා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට පිිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කළේය.
“දෙමළ ප්‍රගතිශිලි සන්ධානය වශයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බවට තීරණය කර තිබෙනවා. එමගින් සිදු වන්නේ නැවතත් රට ආපස්සට රැගෙන යාමයි. රට නැවතත් අතීතයට ගෙන යනු ඇත. ඇත්තෙන්ම මෙය රටේ අවාසනාවයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළ අයෙක් සොයා ගැනීමට නොහැකිව තිබුණා. නමුත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදි එය සකස් කිීරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් බාර ගෙන තිබෙනවා.
මේ වන විට ආණ්ඩුවේ සුලු දේශපාලන පක්ෂ මෙම සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය දක්වා තිබෙනවා. ඔවුන්ට මේ අවස්ථාවේ අවශ්‍ය මෙම සංශෝධනය මගින් වාසි ලබා ගැනීමයි. එම පක්ෂ වල විරෝධය අපගේ විරෝධයන් මෙන් සාධාරණ විරෝධයන් නොවෙයි. ආණ්ඩුව මේ සියලු විරෝධතා හමුවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට උත්සහ දරනවා.
මේ සංශෝධනයට මේතරම් විරෝධයක් එල්ලවීම ආණ්ඩුව ලැබු පළමු පරාජයයි. ආණ්ඩුවට තුනෙන් දෙකකට වැඩි බලයක් තිබෙනවා. 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නාය කියනවා. රාජපක්ෂ පවුල ඉදිරි වසර දහයක විස්සක කාලයේදි ආණ්ඩු කරනවාය පැවසුවා. රාජපක්ෂ පවුල රට ආණ්ඩු කරන පවුල බවට පත් වන්නේ යැයි පැවසුවා.
නමුත් මෙම සංශෝධනයට සිංහල බෞද්ධ පාර්ශවන්ගේම විරෝධය එල්ල වෙමින් තිබෙනවා. මෙම සංශෝධනය මගින් එකාධිපති ජනාධිපතිවරයෙක් බිහි වන අතරම රාජපක්ෂ පවුල බලයේ තබා ගැනීමට පමණක් මෙම සංශෝධනය ඉදිරිපත් කරන්නේ යැයි බිය ඔවුන්ට දැනී තිබෙනවා.
ආණ්ඩුවට එක් වන ලෙස ඉල්ලා අප සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂ වල සාමාජීකයින් සමග ආණ්ඩුවේ පාර්ශව සාකච්ඡා පවත්වා තිබෙනවා. අපගේ පක්ෂය පමණක් නොවෙයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවැනි දේශපාලන පක්ෂ සමගත් ආණ්ඩුව සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙය දේශපාලනයේ සාමන්‍ය සිදුවීමක්. එහෙත් කවරෙකුක් මා සමග සාකච්ඡා කළේ නෑ. මන්ද එය ඔවුන්ට ගැටලූවක් වන නිසා’
කෙසේ වෙතත් අප සන්ධානයේ පැහැදිලි ස්ථාවරය වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කිරීමයි. අප සන්ධානය සමගි ජනබලවේගයේත් සාමාජික පක්ෂයක්. එබැවින් අපට සාමුහික වගකීමක් තිබෙනවා.
නමුත් ආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පසුගියදා පාර්ලිමේන්තුවේදි මගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.
ආණ්ඩුව අප පක්ෂ වල සාමාජීකයින්ව ආණ්ඩුවට ගැනීමට උත්සහායක නිරතව සිටින බවත් නමුත් ආණ්ඩුවට සම්බන්ධ නොවන්නැයි ඔහු ඉල්ලා සිටියා. ආණ්ඩුවට එන්න එපා යැයි පැවසුවා. මම එයට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ මම කෙසේවත් ආණ්ඩුවට පැමිණෙන්නේ නැති බවයි. එහිදි මම ඔහුගෙන් ප්‍රශ්න කළේ ආණ්ඩුව අමාත්‍යවරයෙක් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ ඇයිද යන්නයි. එයට ඔහු සිනාසුණා.
මම පැවසුවා ඔබ සිනාසීමට හේතුව මම දන්නා බවයි. ඇත්තෙන්ම කථානායකවරයා සමග ආණ්ඩුවට 150 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනවා. ආ්ණඩුවට අප එක්වුවහොත් ඔවුන්ට තිබෙන සැලකිල්ල අඩු වෙනවා. ඒ හැර අප ආණ්ඩුවට එක්ව 20 වන සංශෝධනයට සම්මත කර ගැනීමට සහායදීම නිසා රටට හානියක් සිදුවේය යන යහපත් චේතනාවෙන් ඔබ මට ආන්ඩුවට එක් නොවන මෙන් ඉල්ලා සිටියේ නැහැනේදැයි පෙරළා මම අදාළ අමාත්යවරයෙගෙන ප්‍රශ්න කළා. ඔහු හැරිල ගියා.”