කොළඹ කොටුව මැනිං වෙළෙඳපළේ වෙළෙඳසැල් කිහිපයක සේවකයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ මැනිං වෙළෙඳපළේ සේවකයෙකුගේ බිරිඳට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.
අදාළ කාන්තාව මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක බවද පොලීසිය පැවසීය.
මැනිං වෙළෙඳපොළ සේවකයා සිදුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පි.සි.ආර් පරික්ෂණයට ලක් කර තිබේ.
මේ හේතුවෙන් මැනිං වෙළෙඳපළේ වෙළෙඳසැල් කිහිපයක් තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන තිබේ.