මධූෂ්ගේ සහ කේපිගේ සිදුවිම් එකිනෙකට වෙනස් සිදුවිම් දෙකක් - ගම්මන්පිල
මාකඳුරේ මධූෂ් ඩුබායිහි අත්අඩංගුවට පත් වුණු පුවත මාධ්‍ය වල ප්‍රසිද්ධ නොකලා නම් කේපි ගෙනාවා වගේ මධූෂ් ලංකාවට ගේන්න තිබුණා කියා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා මාධ්‍ය වලට දොස් කියනවා අපි දැක්කා. නමුත් ඒක දූරියන් බොරුවක්. දූරියන් කන කෙනාට සුවඳ වුණාට අනිත් අයට ගඳයි. ඒ වගේ කිරිඇල්ල ඇමතිතුමා මාධ්‍යවලට දොස් පැවරීමත් එයාට රසවත් වුණාට අපිට පිලිකුල් යැයි පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.
අද දින (11) විපක්ෂයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.
කේපී නොහොත් කුමාරන් පද්මනාදන් කියන්නේ ලංකාවේ අපරාධ කර මැලේසියාවේ සැඟ වී සිටි අයෙක් මිස මැලේසියාවේ අපරාධ කළ අයෙක් නොවේ. ඒ නිසා ඔහුගෙන් මැලේසියාවට වැඩක් නෑ. ඉල්ලූ සැණෙන් ලංකාවට එව්වා. නමුත් මධූෂ් කියන්නේ ලංකාවේ වගේම ඩුබායි වලත් අපරාධ කළ අයෙක්. ඒ නිසා ලංකාවේ ආණ්ඩුව ඉල්ලූ සැණෙන් කිරිඇල්ල ඇමතිතුමා කියනවා වගේ බෑග් එකක දාලා ගෙනි යන්න දෙන්නේ නෑ.
දැනට ඔහුට චෝදනා දෙකක් ගොනු කරන්න සූදානම් වෙනවා. එකක් මත්ද්‍රව්‍ය භාවිතය. අනෙක මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම. සමහර විට මත්ද්‍රව්‍ය විකිණීමේ චෝදනාව ගොනු කරන්නත් පුළුවන්. ඒ අනුව වසර දහයක් දක්වා සිර දඬුවම් ලබා දෙන්න පුළුවන්. එහෙම වුණොත් එහි සිර දඬුවම් විඳලා ආවාට පස්සේ ලංකාවේ නඩු අහලා දඬුවම් කරන්න පුළුවන්.
ආණ්ඩුවට තවත් විකල්ප දෙකක් තිබෙනවා. දෙවන විකල්පය තමයි එහි සිර දඬුවම් නියම වුණාට පස්සේ ඒ රටින් ලංකාවේ සිර ගෙදරකට මාරු කර ලංකාවේ නඩු ඇසීම. තුන්වන විකල්පය තමයි එහි නඩු පැවරීමකින් තොරව ලංකාවට පිටුවහල් කර ලංකාවේ අපරාධ වලට නඩු පැවරීම. මිනීමැරීම් සහ සංවිධානාත්මක මංකොල්ලකෑම් වැනි බරපතල අපරාධ සිදු කර තිබෙන්නේ ලංකාවේ. ඒ නිසා ඩුබායි වල නඩු අවසන් වී ලංකාවේ නඩු පවරන විට සාක්ෂිකරුවන් මිය යෑම සහ සාක්ෂි විනාශ වීම සිදු වී තිබෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මිනීමැරුම් සඳහා දඬුවම් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනින් නඩු විභාග පැවැත්වීමට සිදු වෙනවා.
මේ විකල්ප තුනෙන් කුමන විකල්පය භාවිතා කරනවා ද කියන එක තීරණය වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ඇති වන එකඟතාවය අනුවයි.

popular news
-
Don Monday, 11 February 2019 08:02 PM
ගොම්මන්පිලට කබරයා තලගොයාවගේ පෙනෙන්නේ. KP ල, මුරලිදරන්ලා නලවෙව්වේ මෙයාල තමයි.
Reply : 0 0
Champa Monday, 11 February 2019 08:39 PM
විපක්ෂ බළලා මල්ලෙන් එලියට පැනල තියෙන්නේ. මේ කතාවෙන් පැහැදිලිවම පේන්නේ විපක්ෂයට ඕනේ මාකඳුරේ මදුෂ්ව ලංකාවට ගේනන කියල. ඒ මොකොද උඩ ඔක්කොම කියලා අනිතිමට ලංකාවට ගේන එක සාධාරණීය කරලා තියෙනවා මෙන්න මෙහෙම -- "තුන්වන විකල්පය තමයි එහි නඩු පැවරීමකින් තොරව ලංකාවට පිටුවහල් කර ලංකාවේ අපරාධ වලට නඩු පැවරීම. මිනීමැරීම් සහ සංවිධානාත්මක මංකොල්ලකෑම් වැනි බරපතල අපරාධ සිදු කර තිබෙන්නේ ලංකාවේ. ඒ නිසා ඩුබායි වල නඩු අවසන් වී ලංකාවේ නඩු පවරන විට සාක්ෂිකරුවන් මිය යෑම සහ සාක්ෂි විනාශ වීම සිදු වී තිබෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මිනීමැරුම් සඳහා දඬුවම් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනින් නඩු විභාග පැවැත්වීමට සිදු වෙනවා." මුළු රටම කියනවා මදුෂ්ව ලංකාවට ගේනන එපා කියලා ඒ මොකොද ගෙනාවොත් පැනල යවන නිසා . මම ලංකාවේ ජනාධිපති වුනා නම් ඩුබායි වලදී අල්ලපු පාතාල නායකයෝ ඇතුළු ඔය හිටපු set එකම, නළු බට්ටොත් එක්කම blacklist කරනවා ආපහු කිසි දවසක ලංකාවට එන්න බැරි වෙන්න, එහෙම වාෂ්ප වෙයල්ලා කියලා. ඊළඟට ඒ දවස් ටිකේ පෙබරවාරි මුල ලංකාවෙන් ඩුබායි ගියපු ඔක්කොමගේ නම් අරගෙන screen කරලා නිදහස් කරපු ඉතුරු එවුනුත් හොයාගෙන blacklist කරනවා.
Reply : 0 0
Nandana Monday, 11 February 2019 09:27 PM
ඕස්ට්‍රේලියා ගේම තව එකක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
