මධුෂ් ඇතුළු පිරිස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කරන දිනය නිෂ්චිත නෑ
මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ෙවනුෙවන් ෙපනී සිටීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අදට පැවසීය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ උදුල් ප්‍රේමරත්න මහතා, &සාදයේ සිට අත්අඩංගුවට ගත් පිරිස තවම පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. උසාවියට ඉදිරිපත් කළේ නෑ. ඒ ගැන ලංකාවේ වැරදි වාර්තා පළවී තිබෙනවා. මම අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා නිදහස් කර ගැනීමට ඩුබායිවලට පැමිණියේ. ඔවුන් සමග කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. නමුත් උසාවියට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම කියන්න බැහැ.
ඩුබායිවල තිබෙන නීතිය ලංකාවේ නීතියට වඩා වෙනස්. දැනට පොලීසිය අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධව විමර්ශන කරගෙන යනවා. ලංකාවේ නම් පොලිස් විමර්ශනවලින් පස්සේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. නමුත් ඩුබායිවල ඊට වඩා වෙනස් දෙයක් සිදුවෙනවා. මට මෙහේට ආවාම දැනගන්න ලැබුණා පසුගිය කාලයේදී ශ්‍රී ලංකික සැකකරුවෙකු අවුරුද්දයි මාස 09ක් පොලීසියේ තියාගෙන හිටියා කියලා.
මුදල් වංචා වැනි බරපතළ නොවන අපරාධවලදී ඩුබායි පොලීසිය විසින් අනිවාර්යයෙන්ම පැය 24ක් ඇතුළත විමර්ශන අවසන් කරලා උසාවි දාන්න ඕන. ඒ සඳහා පොලීසිය ඇතුළෙම උසාවියක් තිබෙනවා. එතනදී පොලීසිය විසින්ම නඩු අහනවා.
මත්ද්‍රව්‍ය තබාගැනීම, මිනීමැරුම්, ස්ත්රිදූෂණ වැනි බරපතළ වැරදිවලදී පොලීසියට අවශ්‍ය කාලයක් උසාවියට ඉදිරිපත් නොකර සැකකරුවන් පොලීසිය තුළ රඳවාගෙන ඉන්න පුළුවන්. මම මුලින් පැවසූ පොලීසිය විසින් අවුරුද්දයි මාස 09ක් ප්‍රශ්න කළ සැකකරුවා උසාවියට ඉදිරිපත් කළ පසුව අවුරුදු 09ක සිරදඬුවමක් ලැබී තිබුණා. මෙවර සිද්ධියේදී ඩුබායි පොලීසිය තීරණය කරමින් ඉන්නවා උසාවි දාන්නේ, කවුද නොදාන්නේ කවුද කියලා. උසාවි නොදාන කට්ටිය නිදහස් වෙනවා. අපි බලන්නේ අමල් පෙරේරායි, නදීමාල් පෙරේරායි ගැන පොලීසියට අදාළ කරුණු ඉදිරිපත් කරලා උසාවි නොදා බේරගන්න. යම් හෙයකින් මත්ද්‍රව්‍ය චෝදනාවට මෙම පිරිසෙන් කවුරුන් හෝ ඩුබායි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළොත් අඩුම වශයෙන් අවුරුදු තුනක් සිරගත කරනවා. මෙතන සිටි කිසිකෙනෙක්ගෙ ළඟ තිබිලා මත්ද්‍රව්‍ය අහුවෙලා නෑ. බීපු එක විතරයි. මම අද (11දා) පොලීසිය ඇතුළට ගිහින් කරුණු ඉදිරිපත් කිරීම සිදු කරනවා* යැයි පැවසීය.
popular news
-
Champa Monday, 11 February 2019 03:19 PM
බොරුවක්. උදුල් ප්‍රේමරත්න දැන් නීතිඥක්ද? හැබැයි මෙයා විශ්ව විද්‍යාලේ යන කාලේ විශ්ව විද්‍යාලේ හිටපු කිසි දරුවෙක්ට ඉගෙන ගන්න දුන්නේ නැහැ හරියට. හැමදාම වර්ජන. මෙයා ඉඑගෙන ගන්න නොදී පාරට අරන් ආපු ගම් වලින් ආපු දස දහස් ගණන් දරුවන්ට තාමත් රස්සා නැහැ. විශ්ව විද්‍යාල වලට මත්ද්‍රවය ගෙනාවේ මේ ගොල්ලෝ. දැන් අර අනිත් මිනිහ ලහිරු කරන්නෙත් උදුල් ඒ කාලේ කළා වගේ විශ්ව විද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන එක. උදුල් ප්‍රේමරත්න පෙනී හිටින්නේ පාතාල රජා වෙනුවෙන්. මේකේ කියන විදිහට මදුෂ් වැඩි දවසක් හිරේ ඉන්නේ නැහැ. මම ඊළඟට කියන එක CT එකේ HRCSL එක ගැන තිබ්බ news එකට දවස් දෙක තුනකට ඉස්සෙල්ල ලිව්වා. මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ මේක ඩුබායි පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය එක්ක එකතු වෙලා කරපු operation එකක් කියල. එහෙම කළා නම් මදුෂ්ව කවදාවත් අල්ලගන්න ලැබෙන්නේ නැහැ ඇතුළෙන්ම ඔත්තුව යන නිසා. අනික, මදුෂ් එක්ක ඉන්න මුස්ලිම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ සහ මුස්ලිම් පාතාල මිනීමරුවෝ නිදහස් කර ගන්න ගේමක් යනවා. පිටිපස්සේ ඉන්නේ කවුද? හිතන්නේවත් නැති මිනිස්සු. මුස්ලිම් පිරිස නිදහස් කර ගන්න දඟලන්නේ මුස්ලිම්ම නොවෙන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
