මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන් 795 ක්
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (10) 795ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 489 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 246 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 දෙනෙකුද වාර්තා වී ඇත.
දෙසැම්බර් 10 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 36 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 28 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 08 ක් වශයෙනි. මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් වාර්තා වී නොමැත.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සීමාවෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 127 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 111කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, රත්තතොට සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 11 කි.
මේ අතර මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කොරෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක දෙසැම්බර් 10 දින දින වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 754 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල දෙසැම්බර් 10 දින පෙරවරු 6.00 වන විට රෝගීන් 43ක් ඇතුළත්කර ඇති අතර එදින සුවය ලබා පිටවූ සංඛ්‍යාව 32 දෙනෙකි
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

