මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම්වලට ජපාන යෙන් බි. 100ක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවැනි කොටස ඉදිකිරීම සඳහා අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වැනි අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කිලෝමීටර් 32.5ක මාර්ග කොටස ජපාන බැංකුවල මූල්‍යකරණය යටතේ ඉදිකිරීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය වන ජපාන යෙන් බිලියන 100ක අරමුදල් සලසා ගැනීමට ජපානයේ MUFG, Ltd බැංකුව සමග ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

popular news
-
කපිල Wednesday, 04 July 2018 11:26 PM
ණය වෙමු ගසා කමු ණය වෙමු ගෙව මු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

