අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට මොහොතකරට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගම්මන්පිල මහතාට කෙටි පණිවිඩයක් යොමුකර තිබේ.
එම මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා සඳහන් කළේ කෙටි පණිවිඩයක් මගින් ජනපති පැවැසූ දෙය තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවයි.
එසේම සාගර කාරියවසම් මහතා නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ට කථා කළ බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පැවැසීය.