පසුගියදා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 89 ම කොවිඩ් ආසාදිත නොවන බව නිල වශයෙන් තහවුරු වී ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
මෙසේ පළමු අදියර යටතේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කළේ හොරණ කදන්හේන ප්‍රදේශයේ කොවිඞ් ආසාදිතයාගේ මදුරාවල ප්‍රදේශයේ ආශ්‍රිතයින් සහ අගුරුවාතොට පෞද්ගලික කර්මාන්ත ශාලාවක සිට බ්‍රැන්ඩෙක්ස් ආයතනයට ගිය රියදුරන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 59 දෙනාය.
මේ අනුව නිවෙස්වල ස්වයංනිරෝධායනය කරසිටි ඔවුන් එයින් ඉවත් කරන බව ද වෛද්‍ය නිලධාරිවරිය පැවසුවාය.
තවද කොව්ඩ් ආසාදිතව හමුවූ හොරණ මූලික රෝහලේ 5 වාට්ටුවේ සේවයේ යෙදී සිටි මදුරාවල යාල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ ආශ්‍රීතයින් 30 දෙනෙකු පසුගියදා (09) අගුරුවාතොට කෙසෙල්හේනාව ක්‍රීඩාංගනයේ දී පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ ජෛව සාම්පල් ලබාගෙන ඇති අතර එම සියලූ දෙනාගේ නිල ප්‍රතිඑල අනුව ඔවුන් කිසිවකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයිද පැවසුවාය.
නමුත් යාල ප්රදේශයේසෞඛ්ය සේවා නිලධාරිණියගේ ආශ්‍රීතයින් 30 දෙනාව තවදුරටත් නිවෙස්වල ස්වයංනිරෝධායනයට කටයුතු කරන අතර මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දැඩි සෞඛ්‍ය නිති රීති ක්‍රියාත්මක කරන බවත් ඒවා කඩ කරන්නන්ට එරෙහිව නිරෝධායන පනත යටතේඋපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වෛද්‍ය කුලරත්න මහත්මිය පැවසුවාය.