රැකියා සදහා ගොස් මැදපෙරදිග රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු , ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 44 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 147 දෙනෙකු ද එම රටවල සිට රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර , සංචාරක හෝටල් වෙත නීරෝධායනය සදහා යොමු කර තිබුණි .
ඊට අමතරව බහරේනයේ රැකියා සදහා ගොස් විවිධ කරදර වලට මුහුණ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර , නීරෝධායන කටයුතු සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .