ෂේන් සෙනෙවිරත්න
තලාතුඔය පොලිසියට ලද තොරතුරකට අනුව ඊයෙ (17) සිදුකළ හදිසි සෝදිසියකදී ගංජා මත් ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 500 ක් හා අයිස් මත් දව්‍ය ග්‍රෑම් 25ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . ලද තොරතුරට අනුව තරුණ යුවලක් ගමන් කරමින් සිටි මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී අයිස් මත් ද්‍රව්‍ය ඔවුන් සන්තකයේ තිබී සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ . ඔවුන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මල් වත්ත ප්‍රදේශයේ හෝටලයක ගංජා මත් ද්‍රව්‍ය පැකට් කරමින් සිටී පුද්ගලයන් හතර දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
එම සැකකරුවන් මන්නාරම ප්‍රදේශයෙන් ගංජා කිලෝග්‍රෑම් හතරක් රැගෙන විත් ඉන් කිලෝ ග්‍රෑම් තුනහමාරක ප්‍රමාණයක් අලෙවි කර තිබෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
මෙම පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වූ පාතාලය හා සම්බන්ධ අයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම පුද්ගලයා බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින නමගිය පාතාල සාමාජිකයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයකු බව ද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
