මත්ද්‍රව්‍ය සඳහා රුධිර පරීක්ෂණයකට සුසිල් සූදානම්
තමන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව ඕනෑම රුධිර පරීක්ෂණයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය. අද (19දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහත්තයා කියලා තිබුණා කෝකේන් බොන ඇමතිවරු ඉන්නවා කියලා. ඒ ලිස්ට් එක කථානායක දුන්නා කියලත් එතුමා කිව්වා. මේ අනුව හෙට පාර්ලිමේන්තුව තුළ දැඩි ප්‍රශ්ණයක් ඇතිවේවි. නම් අහන නිසා. මම නම් ඕනෑම පරික්ෂණයකට සූදානම්"
ඊයේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසුවේ මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුධිර පරීක්ෂණයක් කරගැනීමට තමන් ආරාධනා කරන බවයි.

popular news
-
තරස්තයා Tuesday, 19 February 2019 01:25 PM
රට වෙනුවෙන් අව්රුදු ගානක් සේවය කරනවා කියලා මහජන මුදල් නාස්ති කරලා, දුෂණයට බීෂණයට කඩේ ගිය අයගේ රුදිරය කොහොමත් නරක් වෙලයි තියෙන්නේ . පරීක්ෂා කලාට කිසිම ප්‍රතිපලයක් ගන්න බැහැ. අගේ තියෙන්නේ මනුස්ස ලේ නෙමෙයිනේ .
Reply : 0 53
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
