මත්ද්‍රව්‍ය ජාවාරමේ මොළකරුවන් කැබිනෙට්ටුව තුළ
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තිරණය එල්ලුම් ගහේ එල්ලී හෝ ගොඩයාමට දැරූ උත්සාහයක් පමණක් බවත් කුඩු ජාවාරමේ මහ මොළකරුවෝ ඉන්නේ කැබිනට් මණ්ලය තුළ බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා මෙවැනිම පුහු අදහස් රැසක් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව හමුවේ තැබූ බවත් ජනප්‍රිය සටන් පාඨවල එල්ලී හෝ තව වරක් ජනාධිපති පුටුවට පැමිණීම ජනාධිපතිවරයාගේ එකම අරමුණ වී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ සංවිධාන නියෝජිතයන් පිරිසක් මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී ඊයේ (22) හමු වූ අවස්ථාවේදීය. ්
“තමන්ගේ ජනාධිපති ධූර කාලසීමාවේ අන්තිම හරියට ළංවීගෙන එනකොට දැන් ජනාධීපති සිරිසේන මැතිතුමා සිංහයෙක් වෙලා. අවුරුදු තුනකට පස්සේ තමයි එතුමට මතක් වෙලා තියෙන්නේ මේ රටේ විධායක ජනාධිපති තමන් කියලා. හිටිහැටියේ ඒක මතක් වෙච්ච ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලලා මරන්න ඕනේ කියලා බෙරිහන් දෙනවා.
හරියට හොයලා බැලුවොත් එතුමට පෙනෙයි පහුගිය අවුරුදු තුනේ තමයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩි වුණේ කියලා. මේ රට අරාජික, පාතාල රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රධාන වගඋත්තරකරුවා සිරිසේන මහත්තයාම තමයි. කුඩු ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙමෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුව තුළයි.”

popular news
-
Ruwan Monday, 23 July 2018 10:37 AM
අපි දන්නා තරමටනම් එහෙම හිටියේ පෙර රජය සමයේ. ආරක්ෂක කෙනෙක් සහ අධීක්ෂණ කෙනෙක් තමයි මේ මහා මොළ කරුවෝ දෙන්න. පුත්තලමේදී බෝට්ටුවෙන් ගෙනාපුවා ඇල්ලුවම බය කරලා ගෙනාවේ කාගේ වහනේද කියල කියන්නත් දැන් මිනිස්සු දන්නවා.
Reply : 0 0
Chandana Monday, 23 July 2018 11:19 AM
නිමල් ලංස කියන කුඩු බෙදා හරින්න ඉන්නේ කොහෙද Prasanna, Mahinda මහත්තය කුඩු ගෙදරින් අල්ලපු වෙලාවේ බේරගත්ත මතකද කිස්ස් එකකුත් දීල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

