මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ වැළැක්වීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
දිවයින තුළ පවත්නා මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් මෙහිදී පොලිසියට උපදෙස් ලබාදී ඇත.
මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ආර් ලතීෆ් මහතා ඇතුළු උසස් නිලධරීන් පිරිසක් සහභාගී විය.
