නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කර විදේශ රටවල සැඟව සිට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදු කරන ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් මුදල් සංසරණය කිරීමේ අරමුණින් මෙරට පුද්ගලික බැංකු දෙකක ගිණුම් දෙකක් ආරම්භ කර ඇති අතර එම මුදල් සංසරණය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ සැකකාරියක් 2025.10.23 වන දින නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 28 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකාරියෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරනු ලබයි.