මත්තල විකිණීම මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වල ගොදුරක්
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා, ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වල ගොදුරු කරමින් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීම ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මෙම පාවාදීම වැළැක්වීම සඳහා සමස්ත ජාතියම නැගීසිටිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රිවරයා සඳහන් කරයි.
මත්තල ගුවන්තොටුපළ සඳහා දැනට ලබාදී ඇති අක්කර 1600ට අමතරව එම ගුවන් තොටුපළ මිලදී ගැනීමට ඉදිරිපත් වී සිටින ඉන්දීය සමාගමට තවත් අක්කර 24000ක් ලබාදීමටත්,ආරක්ෂිත කලාපයක් ලෙස ගුවන්තොටුපළ ආශ්රිත අක්කර 40,000ක භූමිභාගයක් වෙන්කර දීමටත් ශ්රී ලංකාවේ රජය එකඟවී තිබෙන බවද වීරවංශ මහතා ප්රකාශ කරයි.
මුහුදු වෙරළ දක්වා විහිදෙන එම කලාපයට අදාළ මැනුම් කටයුතු හෙවත් සිතියම් සකස් කිරීමේ කටයුතු ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් පින්තුර ආශ්රිත තෙරතුරු යොදා ගනිමින් පෞද්ගලික සමාගමක් විසින් සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වන බවද ඒ මහතා සඳහන් කරයි.
මත්තල ඉන්දියාවට පවරා දීමේ ගිවිසුම බදු ගිවිසුමක් ලෙස හැඳින්වුවද එය වසර 99 දක්වා දිගුවක් බැවින් නීතිමය සහ ප්රායෝගික තත්ත්වය විකුණා දැමීමකට සමාන වන බවත්, චීනයට බදුදී ඇති වරායට කිලෝමීටර් දෙකහමාරක් දුරින් ඉන්දියානු ඔත්තුසේවා විසින් මෙහෙයවන ගුවන්තොටුපළක් තිබීමෙන් රටට සිදුවන ආර්ථික පාඩුවට වඩා බරපතළ දේශපාලන සහ යුදමය ගැටලුකාරී තත්ත්වයක් පැනනගින බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.

popular news
-
Champa Monday, 16 July 2018 09:55 AM
අක්කර 40,000 ක් දෙනවා? මම ඒක දැක්කෙත් නැහැ. අර අනික. දැන් 99 අවුරුද්දකට? මම දැක්කේ අවුරුදු 40 කට කියලා වෙන තැනක. පේනවනේ මිනිස්සුන්ට හරි තොරතුරු එන්නෙත් නැහැ. විමල්ට ස්තූතියි මේවා හොයල රටම දැනුවත් කරනවට. ලබන මාසේ මුල සතියේ මම හිතන්නේ අත්සන් කරන්නේ. පහුගිය කාලේ ලංකාවේ ඉඩම් මනින එක ඇමරිකන් සමාගමකට දුන්න. අනිත් එක ජූනි මාසේ ඉඳන් නොර්වේජියන් නැවක් ලංකාව වටේ යනවා මුහුදේ තොරතුරු එකතු කරකර මාසයකට. මම ලිව්ව President ට තැන් දෙකකම මේකට ඉඩ දෙන්න එපා කියල. අපේ රට වටේ අතිශය සවේදී තොරතුරු නොර්වේ වගේ රටකට ගන්න ඉඩ දෙන්න එපා කියල. වැඩක් වුනේ නැහැ. මෝල් ආණ්ඩුව මුළු රටම නැති කරනවා අපිට. මත්තල ගැන විරෝධයක් දැන්මම ඇති වෙන්න ඕනේ. ETCA වලට වඩා වැඩි විරෝධයක් මේකට එන්න ඕනේ අනිවාර්යයෙන්ම.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

