මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට රජය සූදානම් වෙයි. ඊට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පසුගිය මාසය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇති ගුවන්යානා සංඛ්‍යාව 13කි. රෝමයේ සිට පුද්ගලයින් 155 දෙනෙකු රැගත් ගුවන්යානයක් ඊයේ මත්තලින් දිවයිනට පැමිණි අතර අද හීතෲ ගුවන්තොටුපලේ සිට 90 ක් මත්තලින් දිවයිනට පැමිණියේය.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙලඳ නවික නාවිකයෝ ද මත්තල ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබේ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීම සදහා මේ වනවිට සූදානමින් සිටියි. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් එකඟත්වයක් පළ කර තිබේ. ඔවුන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටුනායක ගුවන්තොටුපලින් පැමිණෙන සියළුදෙනා පී.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. එම පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු පැය 06 කට ආසන්න කාලයක් ගුවන්තොටුපල ආසන්නයේ රඳවා ගෙන සිටිමට සිදුව ඇත. මේ තත්වය තුල කටුනායක ගුවන්තොටුපලේ දිනකට ගුවන් මෙහෙයුම් කළ හැක්කේ උපරිමයෙන් ගුවන්යානා 3 - 4 ක් පමණි.
මේ නිසා මත්තල ගුවන්තොටුපල ද භාවිතා කරමින් විදෙස් ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමට පියවරගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ගුවන් සමාගම් මත්තලට ගමන් කිරීම දිරිමත් කිරීම සඳහා රජය ඔවුන්ට සහන රැසක් ද ලබා දී ඇති බවයි.