ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවී මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (18දා) බත්තරමුල්ල සෙත්සිරිපායට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
රටට ජාතික සම්පතක් වූ මත්තල ගුවන්තොටුපළ ඉන්දීය රජයට විකිණීමේ සූදානමක් තිබෙන බැවින් එය වැළැක්වීමට කටයුතු යොදන්නැයි ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා මත්තල ගුවන්තොටුපළේ සංචාරය කළ අවස්ථාවේදී එහි සේවකයන් පවා ගුවන්තොටුපළ විකිණීමට විරෝධය පළකළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මත්තල ගුවන්තොටුපළ රැක ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය වැඩපිළිවෙළක් සකස් කරන බවද ඔහු පවසා සිටියේය.