ප්රජාතන්ත්රවාදී රටක් ලෙස කුමන තත්ත්වයක් යටතේ වුවත් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර අපේක්ෂකයන්ට මැතිවරණ ප්රචාරක කටයුතු කිරීමට අවම වශයෙන් දින තිස්පහක කාලයක් ලබාදිය යුතුව තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරති.
මීට අමතරව කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය රට තුළින් තුරන් වන දිනයක් පිළිබඳ සඳහනක් නොමැති නිසා සියලු මැතිවරණ කටයුතු කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට අනුව සිදුවිය යුතු බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
සෑම අපේක්ෂකයෙකුටම සම වීමක් තුළ මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, මේ අනුව මැතිවරණ ප්රචාරක කටයුතු කිරීමට අවම වශයෙන් දින තිස්පහක් ලබාදිය යුතු බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පැවසීය.
පවතින නීතියට අනුව අපේක්ෂකයන්ට සති පහත්, සති අටත් අතර කාලයක් ප්රචාරක කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදිය යුතු බවද පැෆරල් සංවිධානය සඳහන් කරයි.
කෝවිඩ් - 19 තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමේදී හඳුන්වා දෙන කුමන නීතියක් වුවත් ආණ්ඩු පක්ෂයට විපක්ෂයට හා මැතිවරණයට ඉදිරිපත් වී සිටින අනෙකුත් පාර්ශ්වවලට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මීට අමතරව මැතිවරණ රාජකාරී කටයුතු සිදුකරන නිලධාරීන්ගේ හා අපේක්ෂකයන්ගේ ඡන්දදායකයන් හා නිරීක්ෂකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.