මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිළිබඳව අවධානය යොමු කරන එකම මැතිවරණ නිරීක්ෂණ සංවිධානය වන ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය, 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ සිදුවූ පොදු දේපල අවභාවිතයන් පිලිබඳ වාර්තාව එළිදැක්වයි.
මැතිවරණ සමයේදී නිරීක්ෂකයින් හා මහජනතාව වෙතින්, සමස්ත වශයෙන් මැතිවරණ කටයුතු සඳහා පොදු දේපල අවභාවිත වීමේ සිදුවීම් 180 වාර්තා වූ අතර, ඉන් සිදුවීම් 161 ක් සනාථ කර සාක්ෂි සමග මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇත.
මේ සියලු පැමිණිලි හා අදාල විස්තරයන් www.apesalli.lk වෙබ් අඩවිය හරහා නිරීක්ෂණය කල හැක.