ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ජනාධිපතිවරණය සම්බන්ධව ඊයේ (04) පස්වරු 4.00 දක්වා ලැබු මැතිවරණ පැමිණිලි අතුරින් 24ක් අසත්‍ය පැමිණිලි බවට පරික්ෂණවලදි අනාවරණය වි ඇති බැව් එම මධ්‍යස්ථානය පවසයි.
ඔක්තෝබර් මස 01 වැනිදින සිට මෙම මස 04 වැනිදින දක්වා අතර කාලය තුළ ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 120ක් ලැබි ඇති අතර ඉන් පැමිණිලි 96ක් සත්‍ය පැමිණිලිවන අතර 24ක් අසත්‍ය පැමිණිලි බවද මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි
ලැබි ඇති පැමිණිලි අතුරින් මැතිවරණ නිති උල්ලංඝනය කිරිම් 112ක්, ප්‍රචණ්ඩක්‍රියා 01ක් හා වෙනත් පැමිණිලි 07ක් ලැබි ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙකි පැමිණිලි අතුරින් සුළු සිද්ධින් 119ක් හා සාමාන්‍ය සිද්ධින් 01ක් වාර්තා වි ඇති බවද මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (05) දිනය තුළ මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 05ක් ලැබි ඇති බව පවසන මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් බවද පවසයි.