ඇමෙරිකානු ජනාධිපතිවරණ දිනය ප්‍රමාද කිරීමක් ගැන මා කීවේ යැයි හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ යැයි කීවද, තමා කිසිවිටෙකත් මැතිවරණ දිනය වෙනස් කිරීමක් ගැන නොසිතූ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එලැඹෙන නොවැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ඩොනල්ට් ට්‍රම්ප් මෙම අදහස් දැක්වීය.
"මැතිවරණ දිනය වෙනස් කිරීම ගැන මම කිසි විටෙකත් සිතුවේ නෑ. නොවැම්බර් 3 කියන්නෙ හොඳ දිනයක්" යැයි ට්‍රම්ප් ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු සපයමින් කියා සිටියේය.
කෙසේ වෙතත් මැතිවරණය ප්‍රමාද කිරීමට තමා උත්සාහ කරන බව බයිඩන් කිසි විටෙකත් පවසා නැති බව ට්‍රම්ප් තවදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් එක්වෙමින් ජෝ බයිඩන් කියා සිටියේ, "මා කියූ දේ නැවත සලකා බලන්න. මම හිතන්නේ ඔහු කෙසේ හෝ මැතිවරණයට පයින් ගැසීමට උත්සාහ කරනවා. එය පැවැත්විය නොහැක්කේ මන්දැයි යම් තර්කයක් ඉදිරිපත් කරනවා" යනුවෙනි.
ෆෙඩරල් ව්‍යවස්ථාව මගින් එය නීතිගත කර ඇති බැවින් ට්‍රම්ප්ට නොවැම්බර් මාසයේ මැතිවරණ දිනය ඒකපාර්ශ්විකව වෙනස් කළ නොහැකි බවත්, කොංග්‍රසයට එවැනි පියවරක් අනුමත කළ යුතු බවත් බයිඩන් කියයි.