මාතලේ විල්ෂියාර් කන්ද,ඇටිපොල ආදි ප්‍රදේශවල සැරි සැරු ලංකා කොටියකු මකුළුස්ස ප්‍රදේශයේ දි ඉකුත් 28දා මද්දකට හසුවි මරණයට පත්ව ඇති බව ගැෆෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය.
සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ උගුලකට කොටියා පැටලීමෙන් මිය ගොස් ඇති බව ද වන ජිවි නිලධාරිහු පවසයි.
ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන්නේ බිළාල කුලයට නැත්නම් බළල් කුලයට අයත් සාමාජිකයන්ගෙන් විශාලතම සත්වයා වන බවත් බළල් පවුලට අයත් විශේෂ 4ක් මේ වන විට ශ්‍රී ලංකාවේ ජීවත් වන බවත් ඒ හඳුන් දිවියා, වල් බළලා, කොළ දිවියා සහ ශ්‍රී ලංකා කොටියා ලෙස හදුන්වන බවද පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.
පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා ප්‍රකාශ කරන පරිදි මෙම සත්වයින් ආරක්ෂා කිරිම සියලු දෙනාගේ වගකිමක් බවත් මේ පිළිබදව ජනතාව දැනුවත් කළ යුුතු බවත් මෙම මැරුණු කොටියාද වසය අවුරුදු 07-08ක් පමණ වන ඇති බවට විශ්වාස කරන බවද ඒ මහතා පැවසිය.
මෙම කොටියා මරණයට පත්විම පිළිබදව අධිකරණට කරුණු වාර්තා කර ඇති බවත් අදාළ මද්ද සවි කළ පුද්ගලයින් පිළිබදව විමර්ශනය සිදු කරන බවද වනජිවි නිලධාරිහු පවසයි.
රත්තොට රුවන් ධනංජය