මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් නිල කැබ් රථය හා තවත් කාර් රථයක් හා කාර්යාල උපකරණ රැසක් රැගෙන ගොස් ඇති අතර එම භාණ්ඩ ලබන (02) වන දිනට පෙර නැවත භාර නොදුන්නොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව නාගරික කොමසාරිස් සමන් කළුආරද්දි මහතා පැවසීය.
හිටපු නගරාධිපතිවරයා විසින් විවිධ දුෂණ හා අක්‍රමිකතා සිදු කර ඇති බවට උපනගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුකාරවරයාට සිදු කර ඇති පැමිණිල්ලක් හේතුවෙන් නගරාධිපතිවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මහනගර සභා ආඥාපනතේ (252) අදිකාරය 277(1) වගන්තියේ සදහන් වැරදි නගරාධිපතිවරයා විසින් සිදු කර ඇත්තේද යන්න පිළිබද විශ්‍රාමලත් අධිකරණ නිලධාරීනි සරෝජනී කුසලා වීරවර්ධන මහත්මීන් විසින් පරික්ෂා කර ඒ පිළිබද වාර්තාවක් මාස තුනක් ඇතුලත ලබා ගැනිමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.
මේ පිළිබදව සේවය තාවකාලිකව අත්හිටුවා ඇති මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගෙන් විමසීමේදී ඔහු සදහන් කළේ.
මම පසුගිය (28) හා (29) යන දිනයන්හි වාහන දෙක හා කාර්යාල උපකරණ මාතලේ නාගරික පරිපාල නිලධාරී හරහා භාර දිමට උත්සාහ කලත් මේ වන තුරු එම භාණ්ඩ භාරගැනිමට කිසිම නිලධාරියෙක් කටයුතු නොකල බැවින් නාගරික මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට මාතලේ නාගරික කොමසාරිස්වරයාට හා මාතලේ පොලිසිය වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව පැවසීය.