වෙසක් පොහොය නිමිත්තෙන් මාතලේ නගරයේ වෙසක් සැරසිලි සිදු නොකිරිම සම්බන්ධයෙන් මාතලේ මහ නගර සභාවේ අදාළ නිලධාරින්ට එරෙහිව වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස නියෝග කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා අද (07දා) පැවසිය.
ඒ මහතා මේ බව පැවසුවේ මාතලේ නගරයේ වෙසක් සැරසිලි සිදු නොකිරිම සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවකින් තමන් වෙත පැමිණිලි ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කළ බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ දිවයිනේ අනෙකුත් නගර මෙන්ම මධ්‍යම පළාතේ සැම නගරයක්ම පාසා වෙසක් සැරසිලි සිදු කර ඇති බවත් ත්රිපිටකට ග්‍රන්ථාරෑඨ කළ ඓතිහාසික මාතලේ අලුවිහාරේ පුදබිමද පිහිටා ඇති මාතලේ නගරයේ බෞද්ධ කොඩි දමා එය සැරසිමට කටයුතු කිරිමට නොහැකි විම පිළිබදව කණගාටුවන බවයි.
මහේෂ් කීර්තිරත්න