(UPDATE) පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවස වෙත ගිය ජනපති කොමිෂයේ පොලිස් ඒකකය ඔහුගෙන් පැය 9ක ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
පාස්කු ප්රහාරයට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ ජනපති කොමිෂමේ පොලිස් ඒකකය හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවස වෙත පැමිණ තිබේ.
එම කොමිෂම විසින් මීට පෙර දැනුම් දුන්නේ හිටපු ජනපතිවරයාට අද (26දා) දිනයේදී එහි පොලිස් ඒකකය වෙත ප්රකාශයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව පොලිස් ඒකකය හිටපු ජනපතිවරයාගේ නිල නිවසට ගොස් එම ප්රකාශය සටහන් කර ගැනීමට කටයුතු කර තිබේ .