මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව ප්රදේශයෙන් පළාගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් විවිධ ප්රදේශවලට පිටත් කර ඇතැයිද පොලීසිය පවසයි.
මේ අතර අපරාධය සඳහා යොදාගත් බව පැවැසෙන යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.