මාතර දි පිහි ප්‍රහාරයක් එල්ලකොට සිසුවෙක් ඝාතනය කිරිමේ සිදුවිම සම්බන්ධ නඩුව අද මාතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණු අතර එහිදි මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි විතාරණ මහත්මිය නියෝග කරනු ලැබුවේ ලබන 10 වනදාතෙක් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්ය .
. සිසිටිවි දර්ශන අනුව සැකකරුවන් තිදෙනෙක් පොලිසිය හදුනාගෙන සිටි අතර ඔවුන් අධිකරණයට හා පොලිසියට භාරවිමෙන් පසු අධිකරණය වෙත පසුගිය මස 28 වනදා ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවේ දෙසැමිබර් 3 වනදා දෙවන හා තෙවන සැකකරුවන් හදුනා ගැනිමේ පෙරටිටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසය .
ඒ අනුව අද දිනයේ සැකකරුවන් තිදෙනා වන වන ජාසිංහ කංකානමිගේ සිතිජ ( ප්‍රධාන සැකකරු ) ,තුශාන් ඉන්ද්‍රජිත් ( දෙවන සැකකරුවන ) , ජයවිර මොහන්දිරමිගේ සොනිරු (තෙවන සැකකරු) , අධිකරණය වෙත රැගෙන ආමුත් දෙවන හා තෙවන සැකකරුවන් පමණක් හදුනා ගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කෙරුණි .
පසුව කරුණු සලකා බලා මාතර අතිරේක මහේස්ත්‍රාත් නිලිමිණි විතාරණ මහත්මිය නියෝග කරනු ලැබුවේ සැකකරුවන් තිදෙනා ලබන 10 වනදා තෙක් රක්ෂිත බන්ධනාගරගත කරන ලෙසත් ළමා සැකකරුවන් යැයි සිතා ඔවුන් බන්ධනාගාරයේ වෙනම රදවා තබන ලෙසද පැවසිය .