මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය මේ මස 21 වන දින දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
දැනට කොලඹ සිට මාතර දක්වා ධාවනය වන දුම්රිය බෙලිඅත්ත දක්වා දීර්ඝ කරන බවත් මේ අනුව කාල සටහනේ සුළු වෙනසක් සිදුවිය හැකි බවද පවසා සිටියේය. මේ අනුව මාතර සිට බෙලිඅත්ත දක්වා විනාඩි 15 කින් ගමන් කළ හැකි බවද සඳහන් කළේය.