මාතර දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (13) සිදුවු ගිනි තැබිමකින් නඩු පොත් විශාල ප්රමාණයක් විනාශයට පත්ව ඇති බව දෙයියන්දර පොලීසිය පවසයි.
අද (13) උදැසන 5 ට පමණ පැමිණි පුද්ගලයෙක් අධිකරණ සංකිර්ණයේ වහල මතට නැගි ලේඛනාගාරයේ ඉහල සිට ගිනි තැබිම සිදුකර ඇති බවට පොලීසිය කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය කරගෙන තිබේ.
මෙම ගින්න හේතුවෙන් ලේඛනාගාරයේ තිබු රථ වාහන නඩු පොත්, නඩත්තු නඩු පොත් ,නඩු අසා අවසන් වු නඩු පොත් විනාශයට පත්ව ඇති අතර මෙය සිදුකල පුද්ගලයාගේ නඩුවක් විනාශ කිරිමේ අටියෙන් මෙය කර ඇති බව පොලීසිය සැක කරය.
රස පරික්ෂකවරයා පැමිණ එම ස්ථානයේ පරික්ෂණ කටයුතු ආරම්භ කළ ඇති අතර මේ සම්බන්ධව මේ වනතෙක් කිසිවෙක් හෝ අත්අඩංගුවට ගෙන නොමැත . දෙයියන්දර පොලීසිය ඉදිරි පරික්ෂණ මෙහෙයවනු ලබයි.