කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් ඊයේ (13) දින විවෘත කිරිමෙන් පසුව මත්පැන් පානය කිරිමෙන් පසු ඇති කරගත් ගැටුම් වලින් තුවාල ලැබු 19 දෙනෙකු රෝහල් ගත කර ඇත.
හැටන් පොලිස් බල ප්රදේශයේ මත්පැන් පානය කර දෙපාර්ශවයක් අතර ඇති වු ගැටම්වලින් තුවාල ලැබු 16 දෙනෙකු දික්ඔය මුලික රෝහලටත්, මස්කෙලිය පොලිස් බල ප්රදේශයේ මත්පැන් පානය කර ඇති ගැටුම් වලින් තිදෙනෙකු මස්කෙලිය ප්රාදේශිය රෝහලටත් ඊයේ දින ඇතුලත් කර ඇති බවයි හැටන් සහ මස්කෙලිය පොලීසියේ ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.
මේ අතර බලපත්රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් මස්කෙලිය සිට මස්කෙලිය ගාඩ්මොර් සහ මොකා වතුයායවල් වලට පෞද්ගලකි බස් රථයකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මස්කෙලිය පොලීසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන සැකකරුවන් ඇප මත මුදා හැර ඇත.
මේ අතර බගවන්තලාව නගරයේ සිට ත්රිරෝද රථයකින් තේ වත්තකට බලපත්රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 18 ක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව මස්කෙලිය සහ බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරුන් පැවසිය.