පවතින මත්කුඩු හිගය නිසා මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට මත්කුඩු වෙනුවට වේදනා නාශක පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත කාන්තාවක සහ තරුණයෙකු වූ දඹුල්ල නගරයේ දී ඊයේ 17 දින දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දෙදෙනා සතුව තිබී වර්ග හයකින් යුත් පෙති අටසිය විසි තුනක් වැටලීමේදී සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයා ඔහුට අයිති බටහිර ඖෂධ අලෙවිසැලක බලපත්‍ර උපයෝගී කරගෙන ආයතනවලින් මෙම ඖෂධ පෙති ලබාගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ලොතරැයි අලෙවි කරන කුටිවලට ලබාදී කාන්තාව යොදවාගෙන අලෙවි කිරීමේ ක්‍රමවේදය සිදු කරගෙන ඇතැයි පොලිසිය කියයි.
ඊට අමතරව මෙම තරුණයා විසින් දුරකථනය හරහා ඉල්ලුම් කරන කැකිරාව ,ගලේවෙල, අනුරාධපුර ,පොලොන්නරුව, මින්නේරිය ආදී දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන තරුණයන්ට මෙම පෙති අලෙවි කරන බව ද පොලීසිය හඳුනාගෙන තිබේ.
ඒ අනුව උපාය දුතයෙකු යොදවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ලොතරැයි කූඩුවක මෙම පෙති සඟවා අලෙවි කිරීමේ කටයුත්තේ යෙදී සිටී කාන්තාවද ලොතරැයිපත් සමගම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඉතාම අඩු වටිනාකමකින් යුතු වේදනා නාශක පෙති රුපියල් 300 සිට රුපියල් 500 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදුකර ඇති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් තරුණයා සහ කාන්තාව ඖෂධ පෙති දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.