මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගතකරන පාසල් දරුවන්බොහෝවිට ඔවුන් නැවත බන්ධනාගාරයෙන්පිටවන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත්ව බවත්එවැනි වැරදි වලටපසුවන දරුවන් බන්ධනාගාර ගත නොකර යළිත් මත්ද්‍රව්‍ය වෙත යොමු නොවන පරිදි පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතු බව අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පැවසීය.
ඒ මහතා ඒ බව පවසා සිටියේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මධ්‍යම හා ඌව පළාත් ගුරු උපදේශකයින් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර පොල්ගොල්ල සමුපකාර විද්‍යාලයේ දී පැවති තෙදින වැඩ මුළුවේ සමාප්ති උත්සවයේ දී තම අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ශනිකව ලබාදීම පිණිස ඩිජිටල් සජෙෂන් ඉන්බොක්ස් ක්‍රමවේදය පාසල්වලට කඩිනමින් හඳුන්වාදෙන බවයි. එමගින් තමන්ගේ ජංගම දුරකථනයෙන් ලැප්ටොප් පරිගණකයන් තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන සේ ඉක්මනින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව මේ ඔස්සේ ලැබෙන බව ද ඒ මහතා අවධාරණය කළේය . පාසල් දරුවන්ට දෙමව්පියන්ට මෙන්ම පාසල් ගුරුවරුන්ට මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු තිබෙනවා නම් ඒ සම්බන්ධ තොරතුරු ලබාදීමට යාමේදී ගැටලු මතුවන බවත් මෙම සජෙෂන් ඉන්බොක්ස් මගින් එම ගැටලුවට විසඳුම් ලැබෙන බවත් ඒ මහතා පැවසීය .
පසුගිය හය මසක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාවලිය හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ප්‍රමාණය 52000 බවත් හෙරොයින් නිසා අත්අඩංගුවට පත්වීමි විසි හතර දහසක් ද ගංජා හේතුවෙන් අත්අඩංගුවට පත් වු ප්‍රමාණය 26000 ක්ද ඒ අතර වන බව ද ඔහු අවධාරණය කළේය. මෙම පිරිස අතරින් 20% ක ප්‍රමාණයක් පාසල් දරුවන් බව ද ඔහු අවධාරණය කළේය .
එවැනි වැරදි වලට අත්අඩංගුවට පත් පළමු ස්ථානයේ බස්නාහිර පළාත ද දෙවැනි ස්ථානයේ මධ්‍යම පළාතද වන බවයි ඔහු පෙන්වා දුන්නේ .ආරක්ෂක අංශ වලට පමණක් මත්ද්‍රව්‍ය පාලනය තනිව කළ නොහැකි බව පැවසූ ඒ මහතා මත්ද්‍රව්‍ය සම්බන්ධ පණිවිඩය අධ්‍යාපනය තුලින් දරුවට කාවැද්දිම සිදු කළ යුතු බවද පැවසීය.