කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරත වූ කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් රුපියල් කෝටියකට අධික මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය කියයි.
මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 110 සුඛෝපභෝගී මෝටර් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් ද,බැංකු ගිණුම් පොත් 4 ක්,විද්‍යුත් තරාදියක්,මත්කුඩු එතීමට ගන්නා කඩදාසි පොලිස් භාරයට ගෙන ඇත. පාදුක්ක පොලිස් වසමේ ප්‍රදේශ දෙකක දී මත්කුඩු මිලි ග්‍රෑම් දෙසීයක් සහ මත්කුඩු මිලිග්‍රෑම් තුන් සියයක් සමග අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ප්‍රදේශයට මත්කුඩු රැගෙන එන පුද්ගලයා කොළොන්නාවේ පුද්ගලයෙක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැක කරුවන් ලවා දුරකථන ඇමතුම් ලබාදී මත්කුඩු ඇනවුම් කර එම සැකකරු මත්කුඩු ග්‍රෑම් දහයක් සමග කොලොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව එම පුද්ගලයා ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කරගත් තොරතුරු අනුව කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයාට එම සැකකරු ලවා දුරකථන ඇමතුමක් දී මත්කුඩු ඇනවුම් කර ඔහු මත්කුඩු ලබාදීම සඳහා කොලොන්නාව පොදු වෙළෙඳ පොළේ සැකකරුට අයත් වෙළඳසැලකට පැමිණි අවස්ථාවේදී වෙළඳසැල වටලා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනතුරුව වෙළෙද සැල පරික්ෂා කිරීමේදී මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 100 ක් ,මත්කුඩු එතීමට ගන්න කඩදාසි තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව ස්ථානාධිපති පැවසීය.
අනතුරුව සැකකරු පදිංචි කොලොන්නාව අයි.ඩී.එච්. පෙදෙසේ සුඛෝපභෝගී නිවස පරික්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ ගණන් හුවමාරු වූ බැංකු ගිණුම් පොත් හතරක් ද පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මත්කුඩු ජාවාරමෙන් උපයා මුදලින් මිලදී ගත් බවට සැක කරන සැකකරන සුපෝපබෝගී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ 2 ක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
සැකකරුවන් හතර දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර මත්කුඩු ජාවාරමේ මහ මොළකරු කවුදැයි හෙළි කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පාදුක්ක පොලිසිය කියයි.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ