හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට වසර 07කට පෙර කොළඹ කොස්ගස්හන්දියේදී අත්අඩංගුවට ගත් දෙදරු පියෙකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (17දා) නියම කළේය.
හෙරොයින් ග්රූම් 18.01 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරු වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වු 33 හැවරිදි ගයාන් ඉන්ද්‍රජිත් නමැති දෙදරු පියෙකුටය.
2013 ඔක්තෝම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොස්ගස්හන්දියේදී හෙරොයින් ග්රූම් 18.01 ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.්