හොරණ සහ ඉංගිරිය පොලිස් වසම් වල සිදුකළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරෝයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නලින් දර්ශන මහතා පැවසීය
එම සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් පහළොවකට ආසන්න ප්‍රමාණයක් , යතුරුපැදි දෙකක් ,රුපියල් 40,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
හොරණ ගුරුගොඩ ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 900 සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයාට මත්කුඩු ලබාදුන් ප්‍රධාන සැකකරු ඉංගිරිය නගරයේ දී මත්කුඩු ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 800 සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියය
අනතුරුව එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු අත්අඩංගුවට පත්වීමට පැය බාගයක් පමණ තිබියදී තවත් පුද්ගලයෙක්ට මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 650 ලබාදුන් බවට අනාවරණය වූ පසු එම පුද්ගලයා ද මත්කුඩු සමඟ ඉංගිරිය නගරයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් හොරණ මුණගම ,මඩළ ඇල්ලගාව ,හා බැල්ලපිටිය පදිංචිකරුවන් ය.
සැකකරුවන් හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
බිමල් ශ්‍යාමන් ජයසිංහ