ඖෂධ බෙදා හැරීමේ බලපත්‍රය අවභාවිත කරමින් අලුත්ගම ,බේරුවල ,කළුතර ,මතුගම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයින් හා උසස් පෙල සිසුන් ඇතුළු මත් පෙති අළෙවි ජාලයේ තැරැව්කරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නියුතු ඖෂධ අලෙවි විධායකයකු රුපියල් ලක්ෂ දෙකහමාරක මත් පෙති හා මත් කුඩු සමග බේරුවල , කළමුල්ල අතර මහා මාර්ගයේදී (24) දා අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරී හු පවසති.
සැකකරු අලුත්ගම , කළුවාමෝදර ,ගම්මැද්ද හා පයාගල මැහිමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවකු බවත් ඖෂධ වෙළඳසැල් වෙත ඖෂධ බෙදාහැරීමේ අලෙවි විධායකයකු වශයෙන් කටයුතු කරමින් මෙම ජාවාරම කලක සිට සිදුකර ඇති බවත් විමර්ශන සිදු කරන නිලධාරීන් පැවසීය .උපාය දූතයකු මගින් සැකකරුට ලබාදුන් මත් පෙති ඇණවුමක් රැගෙන එන අතරතුර සැකකරු මෙලෙස කොටුකර ගත් බවත් අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ මත් පෙති 80 ක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් තිබී පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා