පරිගණක පාඨමාලාවක් හදාරන මුවාවෙන් උපකාරක පංති වලට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබි මත් මුද්දර එකසිය පනහක් ඇතුළු, මත්ද්‍රව්‍ය තොගයක් (25) දා අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි (20 ) තරුණයන් දෙදෙනකු බව පොලිසිය කියයි .
කිරුළපන ප්‍රදේශයේ උපකාරක පන්තියක සිසුන්ට අලෙවි කිරීම සඳහා තරුණයෙකු මත්ද්‍රව්‍ය රැගෙන එන බවට පොලීසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ස්ටැෆර්ඩ් හන්දියට ගොස් රැකවලා සිටියදී එම ස්ථානයට පැමිණි තරුණයකු පරීක්ෂා කිරීමේ දී ,ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 520ක් තිබි හමුවූ බව පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔහුගේ , ගමන් මල්ලේ තිබී ,මත් මුද්දර 150 ,කුශ් ග්‍රෑම් 4, සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
පසුව සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු සමඟ එක්ව මෙලෙස උපකාරක පන්ති සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවිකරණ තවත් තරුණයකු හසීශ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55 ක් සමඟ වැල්ලවත්ත හැම්ලන්ඩ් පටුමගේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බවද පොලීසිය පවසයි
මෙම සැකකරුවන් දෙදෙනා එක්ව , කොළඹ අවට උපකාරක පංතිවල අධ්‍යාපනය ලබන සිසුන්ට මෙසේ මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවත් පොලිස් භාරයට ගත් එක් මත් මුද්දරයක් සිසුවෙකුට අලෙවි කර ඇත්තේ රුපියල් 1600 බවත් පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා පරිගණක පාඨමාලාවක් හදාරන මුවාවෙන් උපකාරක පංතිවලට ගොස් අවුරුදු 18 - 20 අතරේ පසු වන සිසුන් හා මිතුරු වී ඔවුන්ට මෙසේ මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බව පොලීසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද සහ ගල්කිස්ස අධිකරණවලට ඉදිරිපත් කොට දින හතක රැඳවුම් නියෝග ලබා ගෙන ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.