මැණික් හා ස්වාර්ණාභරණ අපනයනකරුවන් අපනයනයේ දී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (21) දින ප්රකාශ කළේය.
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අගමැති මේ බව සඳහන් කළේය.
මෙරට අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශය ද සැළකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මෙහි දී පෙන්වා දුන්නේය.
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් මේ වන විටත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ ඉල්ලීම මත සංචාරක අලෙවිය මත පදනම් වූ ආදායම් බදු ශ්රී ලංකාව තුළ විදේශීය මුදල් භාවිතයේ දී නිදහස් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් අගමැති පැවසීය.
මෙරට මැණික් සහ ස්වර්ණාභරණ කේෂ්ත්රය ලොව පුරා වඩාත් ප්රචලිත කිරීම කෙරෙහි කළ යුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහි දී අගමැතිගේ අවධානය යොමු විය.
එවකට ජනාධිපතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා 2015 දක්වා ලබා දුන් සහන පසුගිය රජය විසින් අහෝසි කළ බවත් අපනයනය කෙරෙහි සෘජුව බලපාන මෙම සහන යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ මෙහි දී පැවසූහ.
අය-වැය මඟින් දැනටමත් අපනයනකරුවන් සඳහා සහන ලබා දී ඇති බව පෙන්වා දුන් අගමැති, එම සහන ප්රයෝගිකව ක්රියාත්මක වන්නේදැයි අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.