කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්රධාන අතුශාඛාවක් වන කොටියාගලඔයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් ඊයේ (05) දින රාත්රි සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසිය.
කොටියාගල වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා කොටියාගල ඔයේ වැසි ජලය බැස යාමට ආපදා කළමනාකරන ඒකකය මගින් පසුගියදා බැකෝ යන්ත්රයක් යොදාගෙන ඔය පුළුල් කිරිමේදි ගං ඉවුරේ මතු වු මැණික් ඉල්ලම් සැකකරුවන් විසින් කපා එම ඉල්ලම් පස් කොටියාගලඔයටම සොදමින් සිටියදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග මැණික් ඉල්ලම් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන්ව පොලිස් ඇප මත මුදා හැර ඇති බවත්, සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලීසිය කියා සිටිහ.