මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (31දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මඩු දේවස්ථාන ප්‍රදේශයේ ආගමික ස්ථානය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා මඩු දේවස්ථානය ඇතුළත් භූමි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට ඒ ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවාහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කොට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
