එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC), ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව එරට තුළ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා හදිසි භාවිතය සඳහා මොඩෙර්නා කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත නිර්දේශ කිරීමට ඡන්දය ලබාදී තිබේ.
CDC අධ්යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් මෙම සති අන්තයේ කමිටුවේ නිර්දේශය පිළිගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව ෆයිසර් එන්නතට පසුව, මෙඩොර්නා එන්නතද එක්සත් ජනපදය තුළ බෙදාහැරීම සිදුවනු ඇත.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් මොඩර්නා හි කොරෝනා වෛරසය වැළැක්වීමේ එන්නත සඳහා සිකුරාදා හදිසි භාවිත අවසරය ලබාදෙන ලදී.