මොඩර්නා කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ පළමු මාත්‍රාවෙන් දින 42ක පරතරයකින් එහි කොවිඩ්-19 දෙවැනි මාත්‍රාව ඵලදායී ලෙස පාලනය කළ හැකි බව එම සමාගම පවසයි.
ඒ අනුව පළමු මාත්‍රාවෙන් දින 21ත් 42 ත් අතර කාලයක් තුළ කොවිඩ්-19 එන්නතෙහි දෙවැනි මාත්‍රාව ඵලදායී ලෙස ලබා දිය හැකි බව මොඩෙර්නා විශ්වාස කරන බව සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය. මෙතෙක් කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් පළමු මාත්‍රාවෙන් දින 14ත් 21ත් අතර දෙවැනි මාත්‍රාව ලබාදීම ගැන කියවුණි.
සායනික අත්හදා බැලීම්වලදී, මෝඩර්නාගේ එන්නත දින 28ක පරතරයකින් ලබාදෙන මාත්‍රා දෙකක් ලෙස ලබා දෙන ලදී. කෙසේ වෙතත් දැනට ලබාදී ඇති පළමු මාත්‍රාවල, 28 වැනි දින දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ප්‍රමාණවත් අමතර එන්නතක් නිපදවීමට මොඩෙර්නාට හැකි දැයි විමසූ විට සමාගම කෙලින්ම පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශකයන් පසුගියදා කියා සිටියේ ෆයිසර් එන්නතෙහි දෙවැනි මාත්‍රාවද පළමු මාත්‍රාවෙන් පසු දින 42ක් හෝ සති හයක් දක්වා පරතරයකින් ලබාදිය හැකි බවය.