එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් එක්සත් ජනපදයේ හදිසි භාවිතය සඳහා මොඩෙර්නා කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත අනුමත කර ඇත.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සිය නිවේදනය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊට පෙර දින FDA එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුවේ නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුවය.
"හදිසි භාවිත අවසරය මගින් අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා එක්සත් ජනපදයේ මොඩෙර්නා එන්නත බෙදා හැරීමට ඉඩ ලබා දී තිබෙනවා" FDA ට්විටර් පණිවුඩයේ සඳහන් විය.