එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහිව ලබාදීම සඳහා අවසරය ලැබූ දෙවැනි එන්නත ලෙස මෙඩොර්නා එන්නත බෙදාහැරීමේ කටයුතු ඊයේ (20දා) එරට ආරම්භ වූයේ මේ ආකාරයෙනි.
ඒ අනුව මොඩෙර්නා කොවිඩ්-19 එන්නත රැගත් ට්‍රක් රථයක් එක්සත් ජනපදයේ මිසිසිපිහි ඔලිව් ශාඛාවේ මැකෙසන් පහසුකමෙන් පිටත් විය.
"මැකෙසන්, ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් සහ රාජ්‍ය හා ප්‍රාදේශීය නිලධාරීන් සමග මාස ගණනක් සූදානම් වීමෙන් හා සමීප සැලසුම් කිරීමෙන් පසුව, කොවිඩ්-19 එන්නත එක්සත් ජනපදය පුරා මාත්‍රා මධ්‍යස්ථාන වෙත ගෙනයාම ආරම්භ කරනවා" බෙදාහැරීම් සිදුකරන ප්‍රවාහන සමාගම, ෆෙඩෙක්ස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
පසුගිය සතියේ එක්සත් ජනපදය පුරා බෙදාහරින ලද ෆයිසර් එන්නත නැව්ගත කිරීම සඳහා සිදුකළ සෙන්ස්වෙයාර් හැඳුනුම්පත ෆෙඩෙක්ස් විසින් මෙවරද යොදාගෙන ඇති අතර, උණ්ෂත්ව සංවේදී බෙදාහැරීම් සහිතක කිරීම එහි අභිප්‍රායයි. ඒ අනුව ෆෙඩෙක්ස් එක්ස්ප්‍රස් එක්සත් ජනපද ජාලය හරහා ෆෙඩෙක්ස් ප්‍රමුඛතා භාණ්ඩ තොග එක් රැයකින් ආරක්ෂිතව ගමනාන්ත වෙත ගමන් කරනු ඇත.
කෙසේ වෙතත් මොඩෙර්නා එන්නත ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය සෙල්සියස් අංශක සෘණ 80ක තරම් අධි සීතලක තැන්පත් කළ යුතු නොවීමද මොඩෙර්නා එන්නත බෙදාහැරීම සඳහා වැඩි පහසුවක් සලසනු ඇති බව කියයි.