මොඩෙර්නා ඉන්කෝපරේෂන් පැවසුවේ ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එහි කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත සඳහා අවසර ලබාදී ඇති බවය.
එය එන්නතෙහි තුන්වැනි නියාමන අවසරය මෙන්ම, උතුරු ඇමරිකාවෙන් පිටත පළමු වරට නියාමන අවසරය ලැබූ අවස්ථාව සනිටුහන් කරන බවද සමාගම පවසයි.
"ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාත්‍රාවන් මිලියන 6ක් ලබාගෙන ඇති අතර පළමු එන්නත්කරණය ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙනවා" මෝඩර්නා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මොඩෙර්නා එන්නත මේ වනවිටත් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ භාවිතයට අවසර ලබාගෙන ඇති අතර, අතිරේක අවසරයන් දැනට යුරෝපා සංගමය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානියේ සමාලෝචනය කරමින් පවතී.