මොඩෙර්නා කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත හදිසි භාවිතය සඳහා අවසර දීම නිර්දේශ කිරීම සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයේ (FDA) එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුව බ්‍රහස්පතින්දා ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව FDA දැන් උපදේශක කමිටුවේ ඡන්දය සමාලෝචනය කර වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් අතර එක්සත් ජනපදය තුළ මොඩෙර්නා කොවිඩ්-19 එන්නත හදිසි ලෙස භාවිත කිරීමට අවසර දිය යුතුද යන්න ඉදිරි දින කිහිපය තුළදී තීරණය කරනු ඇත.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ, එන්නත් උපදේශක කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙක් මොඩෙර්නා කොවිඩ්-19 එන්නත සඳහා හදිසි භාවිත අවසරයක් නිර්දේශ කිරීමට පක්ෂව ඡන්දය දීමට හේතු වූයේ, එහි ආරක්ෂිතබව පිළිබඳ දත්ත බලවත් වූ නිසා යැයි පවසයි.
"මම මීට පක්ෂ යැයි ඡන්දය ප්‍රකාශ කළේ අප වෙත ඉදිරිපත් කරන ලද දත්ත ඉතා ශක්තිමත් නිසාත්, සියලු වයස් කාණ්ඩවල කාර්යක්ෂමතාව ස්ථාවර වූ නිසාත්" යැයි FDA උපදේශක කමිටු සාමාජික, මෙහාරි වෛද්‍ය විද්‍යාලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ජේම්ස් හිල්ඩ්‍රෙත් පැවසීය.
"දත්ත අතර නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ද ඇතුළත් වූ අතර එය සැබවින්ම වැදගත් වූවක්" හිල්ඩ්‍රෙත් පැවසීය. "වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් පිළිබඳ දත්තද ඔවුන් සතුව තිබෙනවා."
"මා සිතන්නේ අප ඉදිරිපිට තබා ඇති ආරක්ෂිත පැකේජය පිළිගත හැකි හෝ පිළිගත හැකි ප්‍රමාණයට වඩා වැඩියි. එබැවින් අප වසංගතයේ සිටින තැනට අනුව, මේ පිළිබඳව පක්ෂව ඡන්දය දීමට මට සිදුවුණා." හිල්ඩ්‍රෙත් පැවසීය.
සෙසු උපදේශක කමිටු සාමාජික ආචාර්ය හේලී ගැන්ස් ඊට එකඟ විය.
ස්ටැන්ෆර්ඩ් හෙල්ත්කෙයාර් හි ළමා රෝග විශේෂ ගැන්ස් පැවසුවේ "මෙය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක්" කියාය.
"අප වෙත ඉදිරිපත් කරන ලද දත්ත එහි කාර්යක්ෂමතාවයේ කැපී පෙනෙන බව පෙන්වනවා" ගන්ස් පැවසීය. "මෙය තරමක් විශාල අධ්‍යයනයක් වුණා. ආරක්ෂාව බොහෝ දුරට හොඳ ස්ථාවරයක පැවතුණා. එමගින් මේ ධනාත්මක ඡන්දය ප්‍රකාශ කිරීමට අපට බල කෙරුණා."
පසුගිය සතියේ ෆයිසර් එන්නත සඳහා ක්‍රියාදාමයට සමානව, එන්නත ලබා ගැනීම සහ බෙදා හැරීම සිදු කළ යුත්තේ කාටදැයි නිර්දේශ කිරීම සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ උපදේශන කමිටුව (CDC) සෙනසුරාදා රැස්වීමට නියමිතය.